MENU

Post banner
Recent Work

කඹුරුපිටිය අධ්‍යාපන කලාපයේ අනිවාර්ය අධ්‍යාපන කමිටුව විසින් පාසල් නොයන දරුවන් හා කඩින් කඩ පාසල් යන දරුවන් පිළිබඳව සොයා බැලිම

Programme Date: January 29, 2026 Healthy Lanka
Translate Programme Details:

අද දින කඹුරුපිටිය අධ්‍යාපන කලාපයේ අනිවාර්ය අධ්‍යාපන කමිටුව විසින් පාසල් නොයන දරුවන් හා කඩින් කඩ පාසල් යන දරුවන් පිළිබඳව සොයා බැලිම සදහා කඹුරුපිටිය ඕවිටිගමුව මහ විදුහලේ නිරික්ෂණයක නිරත විය.එහිදී හදුනාගත් පාසල් නොයෙන හා කඩින්කඩ පාසල් එන දරුවන්ගේ නිවෙස් වෙත ගොස් සොයා බලා ඔවුන් පාසල්ගත කිරිමට අවශය කටයුතු සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යාපන බලධාරින් ,පරිවාස නිලධාරී,උපදේශන නිලධාරී,පාසලේ විදුහල්පතිනිය හා ගුරුවරුන් ,පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශ නිලධාරීන් සහභාගි විය.මෙම කමිටුව නියෝජනය කරන එකම සිවිල් සංවිධානය වන්නේ හෙල්දි ලංකා ආයතනයයි.මෙම ගැටලු විසදිමට හෙල්දි ලංකා සතු තාක්ෂණය ,මැදිහත් විම හා කුසලතාවය පිළිබඳව දිස්ත්‍රික්කයේ රාජ්‍ය යාන්ත්‍රන තුළ විශ්වාසය ගොඩනගා ගැනිමට හැකි විම මෙමගින් පැහැදිලි වේ.